අප්‍රේල් මාසය සඳහා ගෑස් මිල පහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබේ.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමන බවයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්රෝ ගෑස් සිලින්ඩරයක නව මිල 4,115කි.
කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,652කි.
කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක් මිල රුපියල් 23කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 772කි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
1
+1
+1
2
+1
+1