counter customizable free hit
27 C
Colombo
Friday, September 20, 2024


අගමැති දිනේෂ් ආසියානු රටවලින් කළ ඉල්ලීම

ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික සම්මන්ත්‍රණය, අද (28) චීනයේ හයිනාන් නුවර දී ඇමතූ අග්‍රාමාත්‍යවරයා “ චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) ගේ දක්ෂ නායකත්වය යටතේ මිලියන සංඛ්‍යාත ජනතාවක් දරිද්‍රතාවෙන් උසස් ජීවන තත්ත්වයකට ඔසවා තැබීමේ චීන ආශ්චර්යවත් සාර්ථකත්වයේ කතාව” පැසසුමට ලක් කර ඇති බව සඳහන්.

දිළිඳුකමේ ගැටලුවට මුහුණ දෙන අනෙකුත් රටවල් සඳහා එම සංකල්පය තවදුරටත් මාර්ගයක් වන අතර කෘෂිකාර්මික වර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා නව මුල්පිරීම් අවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

එමඟින් දිළිඳුකම තුරන් කිරීම පමණක් නොව සමාජ සහජීවනය සහ සාමය ද සහතික කරන බැවින් පුනර්ජනනීය බලශක්ති සම්පත් ප්‍රයෝජනයට ගැනීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

කොළඹ වරාය, හම්බන්තොට වරාය මෙන්ම කොළඹ වරාය නගරය පුළුල් කිරීම පිළිබඳව එහිදී පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා, එය ශ්‍රී ලංකාවේ පමණක් නොව කලාපයේ රටවල ද වේගවත් ප්‍රගතියක් සහතික කරන ප්‍රධාන මූල්‍ය කේන්ද්‍රස්ථානයක් විය හැකි බවයි පෙන්වා දී ඇත්තේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x