counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


මිහින්තලය පුදබිමේ ආරක්ෂාව ගැන තීරණයක්

මිහිනතලය පුදබිමේ සිටි හමුදා නිලධාරීන් ඉවත් කිරීම තුළින් පුදබිමේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

අද (11) පාර්ලිමේන්තුවේ දී පැනයක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසා සිටියේ, මිහිනතලේ සංවර්ධන කටයුතු සිදුකරමින් සිටි හමුදා නිලධාරීන් ඉවත් කර ඇති බැවින් එහි සංවර්ධන කටයුතු ඇනහිටී ඇති බවය.

එසේ සිදුනොකර ඉදිරියටත් එම සංවර්ධන කටයුතු පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ද මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

එයට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍යවරයා,

“252 දෙදෙනා ඉවත් කරගැනීම තුළින් පුදබිමේ ආරක්ෂාවට කිසිම හානියක්, බාධාවක් නෑ. ඔවුන් සියලුදෙනාම යොදවලා තිබුණේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් නෙමෙයි. ආරක්ෂාව සැපයුවේ පොලීසියෙන්. පොලීසියේ 30ක පමණ ප්‍රමාණයක් එම ස්ථානයේ ඉන්නවා. එකේ කිසිම ඉවත් කිරීමක් කරලා නෑ. පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා පොලීසිය භාරගෙන තියෙනවා. අවශ්‍යතාවයක් තියෙනවා නම් හමුදාව හෝ වෙනත් අය ලබාදෙන්න පුළුවන්.”

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x