counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


කාඩ් නැතිව ලයිසන් ලක්‍ෂ 10ක් ගොඩගැහිලා

රියැදුරු බලපත් මුද්‍රණය සඳහා කාඩ්පත් නොමැති නිසා රියදුරු බලපත්‍ර ලක්‍ෂ දහයක් පමණ මුද්‍රණය කර ගැනීමට නොහැකිව ගොඩගැසී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව කියා සිටී.

විදෙස්ගත වන අයට හා අත්‍යවශ්‍ය පුද්ගලයන්ට පමණක් දිනකට රියදුරු බලපත්‍ර දෙසීයක් පමණ මුද්‍රණය කරන බව ද දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක්පැවැසීය.

රියදුරු බලපත්‍ර මුද්‍රණයට කාඩ් නොමැතිකම දඩමීමාකර ගනිමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ එක්තරා ප්‍රධානියකු තැරැව්කරුවන් හා එක්ව දිනකට රියදුරු බලපත්‍ර හත්සියයක්, අටසියයක් හොර පාරෙන් මුද්‍රණය කරවන බවට ද එම නිලධාරියා කියා සිටියේය.

ඒ සඳහා එක් අයකුගෙන් රුපියල් පන්දහසකට අධික මුදලක් අමතරව ලබාගන්නා අතර එමගින් අදාළ නිලධාරියා සතියකට රුපියල් ලක්‍ෂ දහයක්, විස්සක් අතර මුදලක් උපයාගන්නා බවට ද තොරතුරු හෙළිවී ඇත.

එක්තරා දේශපාලකයකුගේ සමීප සබඳතා ඇති නිලධාරියකු ද මෙම ජාවාරමට එක්කර ගෙන ඇතැයි අදාළ නිලධාරියා සඳහන් කළේය. මීට අමතරව සියලු රාජකාරිවලින් නිදහස් කළ නිලධාරියක ද මෙම ජාවාරමට එක්කර ගෙන ඇත.

වේරහැර කාර්යාලයේ මෙකී ප්‍රධානියා රාජ්‍ය පරිපාලන සේවයට අයත් නිලධාරියකු වන අතර ඔහු එම කාර්යාලයෙන් වෙනත් ස්ථානයකට මාරුවීම් ලබා තිබුණත් දේශපාලන හයිය ගෙන දිගටම එම තනතුරේ රැඳී සිටිමින් මෙම ජාවාරම සිදුකර ගෙන යන බව ද අදාළ උසස් නිලධාරියා කීය.

මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමාසරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියාසිටියේ කාඩ්පත් නොමැති නිසා රියදුරු බලපත් ලක්‍ෂ නවයක් මුද්‍රණය කරගත නොහැකිව ගොඩගැසී ඇති බවයි. ඉදිරි මාස හය තුළ එම රියදුරු බලපත්‍ර සියල්ල මුද්‍රණය කරන බව ද ඒ මහතා කීය. වේරහැර සිදුවන බව කියන රියදුරු බලපත්‍ර ජාවාරම පිළිබඳ යම් පැමිණිල්ලක් ලැබෙන්නේ නම් ඒ පිළිබඳ වහා පියවර ගන්නා බව ද ඒ මහතා කියා සිටියේය.
ශිරාන් රණසිංහ

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x