counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


වාද්දුවේදි බස් රථයක් අනතුරට ලක්වෙයි

දෙණියායේ සිට කොළඹ බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ.

පොලිසය පැවසුවේ අද (17) අලුයම 3.40 ‌ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

විදුලි කණුවක් සහ දුරකථන කණුවක් කඩාගෙන අසල නිවාස දෙකක තාප්පයකට සහ ගේට්ටුවකට මුළුමනින්ම හානි සිදුකරමින් බස් රථය අනතුරට ලක්වී ඇත.

බස් රථයේ පාපුවරුවේ ගමන්ගත් කොන්දොස්තරවරයා අනතුරෙන් බරපතළ තුවාල ලබා පානදුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුරෙන් බස් රථයට බරපතළ හානි සිදුවී ඇති අතර අධික වේගය අනතුරට හේතු වන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x