counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


තවත් ඖෂධ 100ක මිල පාලනයට පියවර

තවත් ඖෂධ සියයකට වහාම මිල පාලනයක් ගෙන ඒමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේ දී ඊයේ (16 වැනිදා ) පැවසීය. 

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි ජයන්ත සමරවීර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

දැනට මිල පාලනයට ලක් කර ඇති අත්‍යවශ්‍ය ඖෂධ සංඛ්‍යාව සියයක් බවත් කී ඇමැතිවරයා මෙසේද කීවේය.

“එක් ඖෂධයක් වෙළඳ නාම 10 කින්, 15 කින් පමණ තිබෙනවා. සාධාරණ මිලක් නියම කිරීමෙන් රෝගීන්ට අපහසුවකින් තොරව ඖෂධ මිලදී ගැනීමට හැකි වෙනවා . අත්‍යවශ්‍ය බටහිර ඖෂධ 862 ක් රට තුළ සංසරණය වනවා. ඉන් 675 ක් ආනයනය කරන්නෙ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන්.”

මොකද හිතෙන්නෙ....
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x