counter customizable free hit
29 C
Colombo
Saturday, September 21, 2024


තැපැල් සේවක නිවාඩු අවලංගුයි — තැපැල්පති

තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක කාර්ය මණ්ඩලවල නිවාඩු අද (08), හෙට (09) සහ අනිද්දා (10) දිනවල අවලංගු කර ඇතැයි තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.පී. සත්කුමාර මහතා පවසයි. එම නිසා යෝජිත තුන් දින සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයෙන් බැහැරව සුපුරුදු පරිදි සේවයට වාර්තා කළ යුතු බව ද තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

තැපැල් දෙපාර්තමේන්තුව සතු කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට කටයුතු නොකරන බවත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල රජයේ ප්‍රතිපත්තියට අනුව වඩාත් ඵලදායී ආයෝජන අවස්ථාවකට ඉඩ දීම හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාර දීමට ජනාධිපති ලේකම්වරයා වෙත දන්වා ඇති බවත් හෙතෙම කියයි. ඒ වෙනුවට නුවරඑළිය තැපැල් කාර්යාලය පවත්වාගෙන යෑමට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සුදුසු ගොඩනැඟිල්ලක් ලබා දීමට කටයුතු කරන බවට ඇමැතිවරයා විසින් සහතික වී ඇතැයි ද එහි දක්වා තිබේ.

2022 වර්ෂයේ රුපියල් බිලියන 7ට වඩා අලාභයක් ලැබූ තැපැල් දෙපාර්තමේන්තුව එහි සියලු කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් 2023 වසරේ අලාභය රුපියල් බිලියන 3 දක්වා අඩු කර ගැනීමට ක්‍රියා කරමින් සිටින අවස්ථාවක මෙම ක්‍රියාමාර්ගය තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රගමනයට බාධාවක් බව නිරීක්ෂණය වී ඇතැයි ද ඒ මහතා කියයි.

එබැවින් යෝජිත වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් ඉවත්ව සුපුරුදු පරිදි සේවයට වාර්තා කරන්නැයි සමස්ත කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතාගේ නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x