counter customizable free hit
29 C
Colombo
Saturday, September 21, 2024


ක්‍රිකට් අතුරු කමිටුවට සහ ගැසට්ටුවට අතුරු තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් සලකා බැලීමෙන් අනතුරුවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැනනැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරුණා.

එහිදී මෙම කමිටුව පත්කරනු ලැබුවේ, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරනු ලැබීමෙන් අනතුරුව වන අතර, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රිගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කැබිනට් අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ද වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මීට අමතරව, ජනාධිපති ලේකම්වරයා විසින් නම් කරන ලද ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු, මෙම අනු කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු ලෙස කටයුතු කරනු ලබනවා.

තවද, මෙම කමිටුවේ සාකච්ඡා සඳහා අවශ්‍ය යැයි සලකන ඕනෑම නිලධාරියෙකුගේ හෝ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගේ සේවය ලබා ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අනුකමිටුවට බලය පවරා තිබෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x