counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කළ බවය.

ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි ජනතාවට සහ එම ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ගවල ගමන්ගන්නා ජනතාවට දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ අතර දැදුරු ඔය ජලාශයෙන් තත්ත්පරයට ඝන අඩි 17,000ක ජල ප්‍රමාණයක් නිකුත් කරමින් පවතී.

එම තත්ත්වය වර්ධනය විය හැකි අතර, ඉදිරි පැය කිහිපය තුළ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x