මඩකලපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් යාපනය සහ මඩකළපුව විශ්වවිද්‍යාලවල සිසුන් 6 දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.
මඩකළපුව – චිත්තාණ්ඩි කෝවිල ඉදිරිපිට උපවාසයක නිරත ගොවීන්ට සහය පළ කරමින් පැවති විරෝධතාවක් අතරතුරයි ඔවුන් ඊයේ(05) අත්අඩංගුවට ගනු ලැබුවේ.
ගව ඝාතනයට එරෙහිව සහ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට එරෙහිව මඩකළපුව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් ආරම්භ කර තිබූ උපවාසයට දින 52ක් සම්පූර්ණ වූයේ ඊයේ දිනයේ.
උපවාසය පැවති ස්ථානයේදී යාපනය සහ මඩකළපුව විශ්වවිද්‍යාලවල සිසුන් පැවැත්වූ විරෝධතාවයේදී මහජන පීඩාවක් ඇති වන පරිදි කටයුතු කළ බවට චෝදනා කරමිනුයි ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් මොවුන් පස්වරුවේ එරාවුර් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා.