ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයට අනුව Sinopec සමාගම ද අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව, රුපියල් 358ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 2 කි පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356 ක්.
රුපියල් 420ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ ගොස් රුපියල් 423 දක්වා ද , රුපියල් 348ක්ව පැවති ඔටෝ ඩීසල්
ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ ගොස් රුපියල් 356 දක්වාද, රුපියල් 417ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 14කින් ඉහළ ගොස් රුපියල් 431 දක්වාද සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව මෙම මිල සංශෝධනයට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් හා සමානවම සිනොපෙක් සමාගමේ ද ඉන්ධන මිල සමාන වී තිබෙනවා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1