කොළඹ – බැස්ටියන් මාවතේ දී පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගෙල බැදි රන් මාලය සහ ජංගම දුරකථනය සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මැදවච්චිය පොලිස් ස්ථානයේ රාජකාරි කරනු ලබන මිහින්තලේ ප්රදේශයේ පදිංචි මෙම පොලිස් කොස්තාපල්වරයා නීතිඥවරයෙකු හමුවීම සඳහා කොළඹට පැමිණි අවස්ථාවේ දී මෙම සොරා ගැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එහි දී නාදුනන පුද්ගලයකු විසින් ලබා දුන් අඩක් පානය කරන ලද දුම්වැටියක් පානය කිරීමෙන් පසු කොස්තාපල්වරයා මත් වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඔහු මත් වූ පසුව ඔහුගේ ගෙල බැදි රන්මාලය සහ ජංගම දුරකථනය සොරා ගෙන ඇති බවයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1