ඉදිරි මාස 6ක කාලය තුළ පාතාල ක්‍රියාකාරකම් පාලනයට කටයුතු කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
කොළඹ ඊයේ(29) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු ඉල්ලා සිටියේ පාසල් ළමයින් ඉලක්ක කර සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ජනතාවට සහය වන ලෙසටයි.
මේ අතර, බියගම රණවිරු මාවත ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊයේ පෙරවරුවේ ජංගම මුර සංචාරයේ යෙදුණු බියගම පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙම ත්‍රිරෝද රථය නවත්වන ලෙස සංඥා කර තිබුණා.
එහෙත් එම රථය පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තබා ඇති අතර, පසුව එම රථය සිද්ධිය වූ ස්ථානයට ආසන්න ප්‍රදේශයක තිබී හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ.
එම රථයේ තිබී යකඩ තහඩු කිහිපයක් හමුවී ඇති අතර, එහි ගමන් ගත් එක් අයෙකු මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර සිටි පුද්ගලයෙකු බවටද අනාවරණය වී තිබෙනවා.