counter customizable free hit
26.9 C
Colombo
Monday, November 18, 2024


පොහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවධානය

පෙහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබේ.

විවිධ ඉහළ මිල ගණන් යටතේ ගොවීන් වෙත පොහොර අලෙවි කරන බවට මේ වන විට අමාත්‍යාංශය වෙත තොරතුරු ලැබී අතර මේ හේතුවෙන් පාලන මිලක් නියම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලධාරීන්ගේ අවදානය යොමුව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් තවදුරටත් පොහොර සඳහා පාලන මිලක් පැනවීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන්ය.

පොහොර අලෙවිය සම්බන්ධයෙන් සිදුකරන අධ්‍යනයන්ගෙන් සහ වාර්තාවන කරුණු සම්බන්ධයෙන් සිදුකරන නිසි පරීක්ෂණයකින් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

මේ අතර නවීන කෘෂිකර්ම තාක්ෂණික ලේකම් කාර්යලක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නියමිත බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x