counter customizable free hit
23 C
Colombo
Tuesday, November 19, 2024


ඖෂධ හිඟ බිල් පියවීමට මුදල් වෙන් කරයි

ඖෂධ මිල දී ගැනීම වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ විවිධ සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති හිඟ මුදල් පියවීමට මුදල් වෙන් කිරීම සඳහා වූ යෝජනාවට විශේෂ කැබිනට් අනුමැතියක් ලබා ගැනීම සඳහා ලබන සතියේ ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කොට ඇත. මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සහ සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රධාන අමාත්‍යාංශ දෙකෙහි ඉහළ පෙළේ නිලධාරීන්ගේ විශේෂ හමුවක් පැවැත්වූ ඊයේ (26) මෙම තීරණය ගෙන තිබේ.

එහිදී ගනු ලැබූ තීරණයට අනුව ගෙවිය යුතු හිඟ බිල්පත් ගෙවීම සඳහා අනුමැතිය ලබාගන්නා යෝජනාව මුදල් අමාත්‍යාංශයේ අය-වැය දෙපාර්තමේන්තුව මඟින් සකස් කොට ලබන සතියේ ඉදිරිපත් කරන බව ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. මේ සඳහා වැය කළ යුතු මුදල රාජ්‍ය බැංකුවක ණය පහසුකමක් යටතේ ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද සොයා බලන බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. ඖෂධ මිල දී ගැනීම, හිඟ බිල්පත් ගෙවීම, අත්‍යවශ්‍ය සෞඛ්‍ය වියදම් සඳහා කිසිදු ප්‍රමාදයකින් තොරව මුදල් ලබා දීමට කටයුතු කරන බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය.

මීට පෙර මාස තුනක බිල්පත් පමණක් අත ඉතිරි වන ලෙස ගෙවීම් සිදු කළ ද එය මේ වන විට මාස දෙකක් දක්වා අඩු කර ගැනීමට හැකිව තිබේ. එය ලබාගත් ජයග්‍රහණයකි. ඉන් නොනැවතී ඉදිරි වසරේ සිට මාසයක බිල්පත් පමණක් අත ඉතිරිවන සේ ගෙවීමට කටයුතු කරන බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය. මෙම අවස්ථාවට ජාතික අය-වැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දුලිප් ද සිල්වා, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කුමාර මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x