counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


බිය නොවන්න කළු දිලීර රෝගයේ පැතිරීමක් නෑ

ප්‍රතිශක්තිය හීන වීම නිසා හට ගන්නා රෝගයක් වන කළු දිලීර (black fungus) රෝගීන්ගේ වාර්තා වීමක් මෑතකදී ලංකාව තුළ සිදු නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ (22) පැවැසීය.

මේ රෝගය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ජනතාව තුළ ඇති කර නොගත යුතු බවත් නමුත් අවධානයෙන් සිටීම වැදගත් බවත් ඒ මහතා පැවසුවේය.

කළු දිලීර රෝගයට ගොදුරු වූ කොරෝනා ආසාදිතයන් 12ක් පසුගිය කාලයේ මෙරටින් හඳුනා ගැනිණ.

කළු දිලීර රෝගය වාතය මඟින් නාසය හරහා ආසාදනය වන්නකි. මුහුණේ එක් පැත්තක් ඉදිමුමට ලක්වීම, උණ, හිසරදය සහ නාසයේ මෙන්ම උඩු තල්ල ප‍්‍රදේශයේ කළු පැහැති තුවාල වැනි කැළල් මතුවීම එහි ප‍්‍රධාන රෝග ලක්‍ෂණ වේ.

නිසි ප‍්‍රතිකාර මඟින් රෝගය පාලනය නොකළහොත් ඇස් දක්වා එය වර්ධනය වී අවසානයේ ඇස් නොපෙනී යෑම වුවද සිදුවිය හැකිබව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x