counter customizable free hit
29 C
Colombo
Wednesday, November 20, 2024


ජැක්සන්ගේ මරණය ගැන සෝමරත්න දිසානායක පරීක්ෂණයක් ඉල්ලයි

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ මරණය හා ශල්‍යකර්මය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හෝ කොළඹ ජාතික රෝහල මගින් පුළුල් විමර්ශනයක් කළ යුතු බව සෝමරත්න දිසා­නා­යක මහතා පවසා තිබෙනවා.

වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් හෙතෙම මෙසේද සඳහන් කළා.

ජැක්සන් ඇන්තනි අනුරාධපුර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමෙන් පසු සිදු වූ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය දිසානායක මේ බව පවසා ඇත.

“එදා අනතුර වූ දා අපි අනුරාධපුර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට රැගෙන එද්දී පසුදා පාන්දර 4.00ට වගේ වුණා. ඇත්තට ම එදා දවසේ ජැක්සන් ශල්‍යකර්මයට ගත්තේ නෑ. ඒ වගේම පසුවදා ඒ ශල්‍යකර්මයට සූදානමින් සිටි ස්නායු ශල්‍ය වෛද්‍යවරයා ඒ සඳහා සම්බන්ධ කර ගත්තෙත් නෑ. ඒ වෛද්‍යවරයා ශල්‍යකර්මයට සූදානමින් ඒ ඇඳුම් පැලඳුම්වලින් පවා සූදානම් වී සිටියා. ඒ බව මම දැක්කා. ඒත් ඒ ස්නායු ශල්‍ය වෛද්‍යවරයාගේ සේවය ලබා නොගැනීම ගැන විවිධ කතා අපට එදත් ඊට පසුවත් ඇසුණා. ඇයි මෙහෙම වුණේ? ඒ අඩුව නිසා ජැක්සන්ගේ ශල්‍යකර්මයට ප්‍රශ්නයක් වුණා ද? අපි මේවා දැන ගන්න ඕන. ඒ නිසා ඒ පැහැදිලි කිරීම කොළඹ ජාතික රෝහල කළ යුතුයි.”

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x