නොරොච්චෝල මහ පල්ලිය ඉදිරිපිට පදික මාරුවේදී යතුරු පැදියක් සහ කැබ්රියක් ගැටීමෙන් ඊයේ (20) රාත්රියේ අනතුරක් සිදු ව තිබෙනවා.
එහිදී යතුරු පැදියේ ගමන් ගත් පස් හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇති බවයි නොරොච්චෝල පොලිසිය සඳහන් කළේ.
මෙසේ මිය ගොස් ඇත්තේ පාලකුඩාව ප්රදේශයේ පදිංචි දරුවෙක් බවයි වාර්තා වන්නේ.
අප වාර්තාකරු සඳහන් කර සිටියේ අදාළ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවයි.
කල්පිටියේ සිට පාලවිය දෙසට ධාවනය වෙමින් තිබූ යුනිමෝ වර්ගයේ කැබ් රිය හා පාලවිය සිට කල්පිටිය දෙසට ධාවන වෙමින් තිබූ යතුරු පැදිය, වමෙන් ධාවන නොකර සුදු ඉර කපා අපරීක්ෂාකාරී ලෙස ධාවන කිරීමෙන් කැබ් රියේ ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි නොරොච්චෝල පොලිසිය පැවසුවේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1