පළතුරු කපන පිහිය බෙල්ලට තබා සිය ජූස් බාර් එකේ තරුණ සේවිකාව මහ දවාලේ දූෂණය කල එහි හිමිකරු අත්අඩංගුවට ගත්බව පයාගල පොලිසිය පවසයි .
පයාගල පඹේ ප්‍රදේශයේ පදිංචි 48 හැව්රිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
වින්දිත 23 හැව්රිදි තරුණියක කල පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දහවල් ජූස් බාර් එක වසාදමන ලෙස සැකකරු තරුණියට උපදෙස් දී ඇය එය වසා දමන අවස්ථාවේ ගෙලට පිහියක් තබා අස්වාභාවික ලෙස බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බවට තරුණියගේ ප්‍රකාශ වලින් හෙලිව ඇති බව පොලිසිය කීය.
වින්දිත තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගතකර ඇති බවත්, සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කීය.
කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.