අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරිමේ කටයුතුක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව 21සෙනසුරාදා දින පස්වරු 5.00 සිට පසු දින එනම් 22වන ඉරිදා පෙරවරු 8.00 දක්වා පැය 15ක කාලයක් සදහායි මෙම ජල සැපයුම අත්හිටවනු ලබන්නේ.
කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශ සඳහා මෙය ක්‍රියාත්මක අතර මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කනගාටුවට පල කරන අතර අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
1
+1
+1