කිලිනොච්චිය,පුනරීන් ප්‍රදේශයේ කැළෑවක් ආසන්නයේ තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(18) සොයාගත් බව පුනරීන් පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ පොලිසිය වෙත ලද තොරතුරක් මත අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවු බවයි.
මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 08 ක්,අත්බෝම්බ දෙකක් එලෙස සොයා ගැනීමට හැකිවු බවද පොලිසිය පැවසීය.
යුධ සමයේ එල් ටි ටි සංවිධානය නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් සඟවා ගිය පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස හමුවන්නට ඇති බව පොලිසිය සඳහන් කරයි.
කිලිනොච්චිය,මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය සොයාගත් පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් පුනරීන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1