සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් රෝගාතුරව රෝහල් ගත කළ එකොළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, හෝමාගම ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පනාගොඩ සමගි මාවත පදිංචිව සිටි ඒ. සමන්මලී නමැති 11 හැවිරිදි ශිෂ්‍යාවකි.
මියගිය ශිෂ්‍යාව සිය නෑනා සමඟ වෙළෙඳසැලක් වෙත යන අතරතුර දී මාර්ගයේ සිටි සර්පයෙකු දෂ්ඨ කර තිබේ.
පසුව දැරිය මව රැකියාව නිමවී නිවසට පැමිණෙන තුරු සිට තමාට වමනය සහ බඩේ කැක්කුමක් ඇති බව පවසා ඇත.
එහිදී දැරියගේ මව විසින් සර්පයා දෂ්ඨ කළ බවක් නොදැන දරුවාට ගැස්රයිටීස් රෝගය විය හැකි යැයි සිතා ඖෂධ ලබාදී තිබේ.
එම අවස්ථාවේ දී දැරියට වමනය ඇතිවී සිහිසුන් වීමත් සමග කඩිනමින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දැඩි සත්කාරක ඒකකයේ දින දෙකක් ප්‍රතිකාර ලැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.