“එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් (Anwaar-ul-Haq Kakar) මහතා අතර නිල හමුවක් ඊයේ (17) පස්වරුවේ බීජිං නුවරදී පැවැත්වුණා
ජාති, ආගම් සහ ජනවර්ග භේද මත එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය වර්ධනය නොකෙරෙන මනුෂ්‍යත්වයෙන් පිරි පොදු සමාජයක් නිර්මාණය කිරීම මුළු ලෝකයේම අනාගත අභියෝගය බවයි නායකයින් දෙදෙනා මෙහිදී අවධාරණය කරනු ලැබුවේ
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුද සහ එයින් යළි ගොඩඒමේ මාර්ග පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1