counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (12) පැවැති තරගයෙන් විශිෂ්ට ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව කණ්ඩායම සමත්විය.

එහි කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 311ක් රැස් කළේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Quinton de Kock පන්දු 106කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 109ක් රැස් කළේය.

තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට ලැබුණු ඉලක්කය ලකුණු 312කි. 

එම ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 40යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 177ක් පමණි.

ඒ අනුව මෙම තරගය දකුණු අප්‍රිකාව ලකුණු 134කින් ජය ගත්තේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x