counter customizable free hit
31 C
Colombo
Saturday, September 21, 2024


වෙඩිල්ලක් තවත් පුද්ගලයෙක් බිලි ගනී

මීටියාගොඩ, තෙල්වත්තේදී වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ පුද්ගලයෙක් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.වයස අවුරුදු 42ක පමණ පුද්ලයෙක් එලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

පාතාල සාමාජිකයෙක් බවට සැක පුද්ගලයෙක් එම ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබුණි.එම අවස්ථාවේ දී නිවසේ සැඟව සිටි සැකකරු විශේෂ කාර්ය බළකායට පිස්තෝලයකින් වෙඩිතබා ඇත.

එම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරුට වෙඩිවැදී ඇති අතර, රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.මියගිය පුද්ගලයා, පසුගිය දා ගාල්ල, කරාගොඩ ප්‍රදේශයේ දී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කළ හිටපු පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ මහතාගේ ඝාතනයේ සැකකරුවෙක් බව ද පොලීසිය පවසයි

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x