counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


හැට්ටකටු දෙකක් ගිල පැන ගිය සැකකරු මාට්ටු

පහළොස් හැවිරිදි දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොතුපිටිය පොලිසියට කැඳවා සිටියදි පොලිස් චෝදනාගාරය අසලදී හැට්ට කටු දෙකක් ගිල රෝහල් ගත කිරීමෙන් පසු  රත්නපුර රෝහලින් පලාගොස් සිටි සැකකරුවෙක් ගොඩකවෙල රිදීවිට ප්‍රදේශයේ වත්තක සැගව සිටියදි අද  (20) අත්අඩංගුවට ගත් බව පොතුපිටිය පොලිසිය පවසයි.

හැට්ටකටු ගිලීම නිසා පොලිස් නිලධාරින් වහාම ඔහු රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුළත් කළ සැකකරු සුළු මොහොතකින් රෝහලින් පලාගොස් සැගව සිටි බව පොලිසිය කියයි.

මෙම සැකකරු අතවරයට පත් දැරියගේ මවගේ අනියම් සැමියා බවත් ඔහු එම නිවසේ පදිංචිව සිටියදි අවස්තා කිහිපයකදිම දැරියට අතවර කර ඇති බවද පොලිසිය පවසසි.

සැකකරුගෙන් සිදුවන හිරිහැර ඉවසිය නොහැකිව ඇය ඉකුත් 6 දින ඇය නිවසින් පලා ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x