බදු මුදල් වංචා කළ කල්මුණ මහනගර සභාවේ හිටපු කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැනට විශ්රාමිකව සිටින 60ක් හැවිරිදි පෙරියනීලවනේ ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසනවා.
කල්මුණේ මහ නගර සභාවට ලැබිය යුතු බදු මුදල් වංචා කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ හිටපු කොමසාරිස්වරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටිනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1