counter customizable free hit
29 C
Colombo
Friday, September 20, 2024


අවුරුදු 9 ක දරුවකුට නොමනා වැඩක් කළ සුළු පියා අත්අඩංගුවට

මව විදේශ ගතව සිටින අවුරුදු නවයක් වයසැති දරුවෙකුට බීමත්ව පැමිණ අමානුෂික අන්දමින් අතින් පයින් පහරදීම සම්බන්දයෙන් සැකපිට දරුවාගේ සුළු පියා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව මීගහතැන්න පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලිහිණියාව , හලවැල්කැලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.

අවුරුදු නවයක් වයසැති පිරිමි දරුවාව සුළු පියා භාරයේ රදවා මව විදේශ ගතව සිටින බවත් , ඔහු බීමත්ව පැමිණ දරුවාට අතින් පයින් පහරදෙන බවට ලද තොරතුරක් මත (18) සැකකරු අත්අඩංගුවට ගත්බව මීගහතැන්න පොලිසිය පවසයි .

දරුවා සුළු තුවාල ලබා ඇති අතර , සැකකරු පහරදීම් සිදුකර ඇති බවට ප්‍රකාශ වලින් හෙලිව ඇති බවත් දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමුකරන බවත් සදහන් වේ.

සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක දහනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ළමා හා කාන්තා කාර්යාංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x