counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


ඉන්දියාවේ බිත්තර ගැන පච වපුරන අයට රතු එළියක්

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසයි.

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා බිත්තර මිලියන 100ක් මෙරටට ආනයනය කර බෙදාහැර ඇති අතර මේ දක්වා එම බිත්තර සම්බන්ධයෙන් කිසිදු පාරිභෝගික පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය.

එම නිසා තවත් බිත්තර මිලියන 91ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඉන්දියාවේ පිළිගත් රසායනාගාර තුනකදී සිදුකරන පරීක්‍ෂවල වාර්තා මෙරටට ලැබීමෙන් අනතුරුව බිත්තර ආනයනය කර නැවත මෙරටදීද සිදුකරන පරීක්‍ෂණවලින් පසුව බිත්තර බෙදාහැරීම සිදුකරන බවද හෙතෙම කීවේය.

එම නිසා ආනයනික බිත්තර සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස ජනතාවට වගකීමෙන් ප්‍රකාශ කරන බවද සභාපතිවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් ඇතැම් පාරිභෝගිකයන් චෝදනා කරන්නේ මෙම බිත්තර කිකිළියන්ගෙන් ලබා ගන්නා ඒවා නොව ඉන්දියාවේදී කෘත්‍රීමව නිෂ්පාදනය කරන ඒවා බවටය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x