මාන්කුලමේ සිදුවූ පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙෙදනෙකු තුවාල ලබා තිබේ.
ඊයේ (07) දින මුලතිව්, මාන්කුලම ප්‍රදේශයේ වැඩිහිටි පුද්ගලයෙකු හා දරුවෙකු දර කැඩීමට ගිය අවස්ථාවක මෙම පිපිරීම සිදුවී ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.
සිද්ධියෙන් අවුරුදු 84ක් වයසැති වැඩිහිටි පුද්ගලයා සහ අවුරුදු 6ක මුණුබුරා තුවාල ලබා ඇත.
සතුන් දඩයම් කිරීම සඳහා ඇටවූ බඳින තුවක්කුවක් මෙලෙස පුපුරා යන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.
පිපිරීම සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1