counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


විදුලි බිල වැඩිකිරීමේ සුදානමක් ගැන ඉඟියක්

මෙම වසරේ දී සිව්වන වරටත් විදුලි බිල වැඩිකිරීමට රජය කටයුතු කරමින් සිටින බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා.

එම සංගමය වැඩිදුරටත් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව මෙලෙස යළි විදුලි බිල වැඩිකිරීමට සූදානමින් සිටින බවයි.

මෙම යෝජනාවට අවසර ලබා නොදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කර සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සැපිරීම සඳහා විදුලි ගාස්තුව 56%කින් වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

විදුලි ගාස්තුව ඉහළ දැමුවහොත් මෙම වසරේ දී 200%කින් විදුලි බිල වැඩිවන බවයි ඔහු පැවසුවේ

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x