counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


බුම්රා හදිසියේම මුම්බායි වෙත – හෙට තරගයත් අහිමි වෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා පෞද්ගලික හේතුවක් මත හසිදිසියේම ආපසු සිය නිවෙස බලා පිටත්ව ගොස් ඇත.

හෙට (4 වැනිදා) නේපාලය සහ ඉන්දියාව අතර මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මූලික වටයේ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමිවනු ඇත. නේපාලය සහ ඉන්දියාව එක්දින ජාත්‍යන්තර තරගයකදී මුණගැහෙන පළමු අවස්ථාව මෙයයි.

සුපිරි 4 දෙනාගේ වටයේදී ඉන්දියාව සහභාගි වන පළමු තරගය පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම මස 10 වැනිදා බැවින් ඊට පෙරාතුව බුම්රා යළිත් ඉන්දීය කණ්ඩායම සමග එක්වනු ඇතැයි කණ්ඩායම් කලමණාකාරීත්වය පවසයි.

සෙනසුරාදා (2 වැනිදා) පාකිස්තානයට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ බුම්රා 10 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසෙමින් පන්දු 14 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 16 ක් රැස්කළේය. කෙසේ වුවත් ඉන්දීය ඉනිම අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට සිදුවීම නිසා ඔහුට පන්දු යැවීමට අවස්ථාවක් නොලැබිණ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page