counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ලබන වසරේ සිට පාසල් වාර විභාග වසරකට එකයි :සිසු පොත් බෑගයේ බර අඩු කරයි !

ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි.

සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩුකිරීමට මෙමඟින් අපේක්ෂා කරන අතර සිසුන්ගේ කශේරුකාව ඍජුව තබාගෙන ශරීර සුවතාවය ආරක්ෂා කරගැනීමට ද මෙමඟින් අපේක්ෂා කෙරේ.

මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා 2024 වර්ෂයේ පළමු වසරෙන් ආරම්භ වන සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩුකර වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේ සිදුකළ හැකි වුවහොත් සෑම පාඩමක් හෙවත් මොඩියුලයක් අවසානයේ තක්සේරුකරණයක් හරහා ලකුණු පරිගණක සටහන් ලෙස වාර්තාගත කර තබා වසර අවසානයේ විභාග ලකුණුවලට එකතු කරන බවත් මුල දී මෙය විභාග ලකුණු 70%ක් හා මොඩියුලයේ ලකුණු 30%ක් වශයෙන් සැලකෙන නමුත් ක්‍රමයෙන් එය 50%ක් දක්වා සමාන ලකුණු පරාසයකට ගෙන එන බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේ දී පාසල් පැමිණීම, රැඳීසිටීම හා එදිනෙදා පන්තියේ වැඩකිරීම අනිවාර්ය වන බැවින් අමතර පන්තියෑමට අවකාශයක් හෝ අවශ්‍යතාවක් පාසල් සිසුන්ට ඇති නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එමඟින් දෙමාපියන්ට අනවශ්‍ය තරගයකට හසුව අමතර පන්ති සඳහා දහස් ගණන් මුදල් වියදම් නොකර දරුවන්ගේ ආහාර පාන අවශ්‍යතා සඳහා එම මුදල් වැය කළ හැකි බවත් නිදහස් අධ්‍යාපනයේ මූලික අරමුණු මල්ඵල ගැන්වෙන්නේ එවැනි ක්‍රියාදාමයක් මඟින් බවත් අමාත්‍යවරයා පැවසීය.

ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x