counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයි

​ තිදසNews :

කරාතේ දෝ ක්‍රීඩාව සඳහා ජාතික සංගමය වන ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව එම සංගමයේ කටයුතු තාවකාලිකව තවදුරටත් සිදුකරගෙන යාම සඳහා 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සඳහා එහි විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා නිලවරණ කමිටුවක් පත් කිරීම, නිලවරණය කැඳවීම හා පැවැත්වීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ සිදුකිරීමට බලය පවරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

 

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x