counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


කොළඹ පිල සභාපති කුසලාන පාපන්දු අවසන් සටනට

සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයෙන් ජයග්‍රහණය කළ කොළඹ පාපන්දු සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ පාපන්දු සමාජය හා ජාවාලේන් අතර තරගයෙන් කොළඹ පාපන්දු සමාජය ගෝල් 3-1ක ජයක් ලැබූ අතර, මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය හා මාලිගාවත්ත යූත් පිල අතර තරගයෙන් දඩුවම් පහර 3-2ක් ලෙස මාලිගාවත්ත යූත් පිල ජයග්‍රහණය ලැබීය.

මේ අනුව ජාවාලේන් හා මාලිගාවත්ත යූත් අතර ලබන 30 දා (ඉරිදා) පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම කොළඹ පිල සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී. එම අවසන් මහා තරගය ලබන මස 6 වැනිදා පසුවරු 3.30ට සිටිලීග් පිටියේදී පැවැත්වීමට නියමිතය.

කොළඹ පාපන්දු සමාජය හා ජාවාලේන් අතර තරගයේ පළමු භාගය ගෝල් 1-0ක් ලෙස කොළඹ පිල ඉදිරියෙන් සිටියේය. 19 වැනි මිනිත්තුවේදී මොහොමඩ් බසීත් ගෝලය වාර්තා කළ අතර, 49 වැනි මිනිත්තුවේදී එයට පිළිතුරු ලෙස සී. වී. සඳරුවන් ජාවාලේන් පිලට ගෝලයක් එක් කළේය. එහෙත් 66 වැනි මිනිත්තුවේදී කේ. ඊ. බී. පෙරේරා ගෝලයක් එල්ල කළ අතර, 75 වැනි මිනිත්තුවේදී මොහොමඩ් නවුමන් අතින් ‘ඕන් ගෝලයක්‘ කොළඹ පිල ඉදිරියේ සටහන් විය.

මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය හා මාලිගාවත්ත යූත් පිල අතර තරගයේ නියමිත කාලයේදී ගෝල් වාර්තා නොවූ හෙයින් ජයග්‍රහණය තීරණය කර ගැනීමට දඬුවම් පහර ප්‍රදානය කෙරුණි.

6 වැනි වරට පැවැත්වෙන සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට රු. 150,000ක් හා අනුශූරයන්ට රු. 100,000ක් පිරිනැමෙන අතර සෑම තරගයකම දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට තෑගි පිරිනැමීමට කටයුතු යොදා ඇත. සිටිලීග් පාපන්දු ලීගයේ සභාපති ආර්. පුවනේන්ද්‍රන් මහතාගේ පෞද්ගලික මුදලින් අනුග්‍රාහකත්වය සැපයීම විශේෂත්වයකි.

ප්‍රින්ස් ගුණසේකර

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x