counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ශ්‍රී ලංකා පිල ගාල්ලේ මෙන් කොළඹදීත් අමාරුවේ වැටෙයි

සංචාරක පාකිස්තාන පිල හා ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු166කට පිළිතුරු ලෙස ඊයේ පළමු දින අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක්‍රීඩාව නතර කරද්දී පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 145ක් ලබා සිටියේය. මේ හේතුවෙන් පාකිස්තාන පිල පළමු ඉනිමේ කඩුලු 8ක් අතැතිව ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 21ක් පසුපසින් සිටී. කොළඹ එස්එස්සී පිටියේ ආරම්භ වූ මේ තරගයේ පළමු දිනය ආරම්භයේ සිටම පාකිස්තානය සියලු වාසි තමන් තුළ රඳවාගෙන සිටීම කැපී පෙනේ. පාකිස්තානය ප්‍රහාරාත්මක තරග රටාවකට පිවිස සිටින අතර, ඕවරයකට ලකුණු 5.08ක දළ ලකුණු ලබා ගැනීමේ වේගයකින් ටෙස්ට් ඉනිම පණ ගන්වා තිබේ.

පන්දුවට පහරදෙමින් සිටින ආරම්භක පිතිකරු අබ්දුල්ලා සෆීක් තම 5 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 74ක් හා නායක බාබර් අසාම් නොදැවී ලකුණු 8ක් ගෙන කඩුලුලේ රැඳී සිටිති. අංක 3 පිතිකරු ෂාන් මෂූඩ් තම 7 වැනි අර්ධ ශතකය වාර්තා කොට පාකිස්තාන ඉනිමට ලකුණු 51ක් එක් කරද්දී අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.

ගාලු පිටියේ නිමාවූ පළමු ටෙස්ට් තරගයේ මෙන්ම මේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ගේ දායකත්වය අවම මට්ටමක තිබීමෙන් අමාරුවේ වැටුණි. කඩුලු පිට කඩුලු බිඳ වැටෙද්දී අංක 6 පිතිකරු ධනංජය ද සිල්වා පාකිස්තාන පන්දු යවන්නන්ට ආක්‍රමණශීලී ලෙස පහරදී ලකුණු 57ක් ලබා ගැනීම හැර ඉලක්කම් දෙකට ළඟා වූයේ තවත් පිතිකරුවන් තිදෙනෙක් පමනි.

ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ලට දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා පන්දු 119කදී ලකුණු 85ක් වාර්තා කොට ගොඩනැගූ සම්බන්ධතාව හා පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්ව සිටින රමේෂ් මෙන්ඩිස් හා අසිත ප්‍රනාන්දු අතර 9 වැනි කඩුල්ලට පන්දු 27කදී වාර්තා කළ ලකුණු 27 හැරෙන්නට සැලකිය යුතු සබඳතා නොමැතිවීම කඩා වැටීමට ප්‍රධාන හේතුවකි.

ධනංජය මේ තරගාවලියේ පාකිස්තානයට එරෙහිව මෙතෙක් ඉනිම තුනකදී ශතකයක් හා අර්ධ ශතක 2ක් වාර්තා කළ අතර, ඊයේ ඔහු තම ටෙස්ට් දිවියේ 12 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කළේය.

ඊයේ උදෑසන ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය පැයක කාලයක් ප්‍රමාදවී පෙරවරු 10. 30ට ආරම්භ විය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, පළමු කඩුල්ල දුවද්දී දැවීයෑමකින් සටහන් වීම ටෙස්ට් තරගයක පෙරැළිකාර අවස්ථාවක් විය. නොතිබූ ලකුණක් කරා දිමුත් කරුණාරත්න දිව යද්දී නිශාන් මධුෂ්කගේ කඩුල්ලට මොහොමඩ් රිස්වාන් එල්ල කළ පන්දුව වැදීමෙන් මධුෂ්ක ලකුණු 4කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් මොහොමඩ් රිස්වාන් අතට උඩ පන්දුවක්දී ලකුණු 6කට දැවී ගියේය.

නසීම් ෂා යැවූ පන්දු 3ක් තුළ කඩුලු 2ක් දවා ගනිමින් මැතිව්ස් ලකුණු 6ක් ගෙන තිබියදී සෆ්රාස් අහමඩ් අතට උඩ පන්දුවක් දී හා දිමුත් ලකුණු 17දී කෙළින්ම කඩුල්ල බිඳ හෙලීමෙන් ගොදුරු කර ගත්හ. අනතුරුව ලකුණු පුවරුව 121ක් වෙද්දී චන්දිමාල් ලකුණු 34දී දවා ගැනීමට නෂීම් ෂා සමත් වූ අතර, ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 45ක් තුළදී දවා ගන්නට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.

වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුසංඛ මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් ශ්‍රී ලංකාවේ 164 වැනි ටෙස්ට් ක්‍රීඩකයා බවට පත් වූ අතර, ඩෙංගු රෝගය වැලඳීමෙන් පසු ටෙස්ට් පිටියට කැඳවීම් ලද අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා පිලට යළි එක්විය. ගාල්ලේ පැවැති පළමු තරගයට ක්‍රීඩා කළ කසුන් රාජිත හා විශ්ව ප්‍රනාන්දු දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කොට ඇත.

 

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x