counter customizable free hit
31 C
Colombo
Saturday, July 27, 2024


හිඟුරාන සීනි කර්මාන්ත ශාලාවෙන් වාර්තාවක්

ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වා ගෙන යනු ලබන හිගුරාන සීනි කර්මාන්ත ශාලාව මෙවර කෙටි ඇඹරුම් වාරයේදී හිගුරාන සීනි ඉතිහාසය වෙනස් කරමින් උක් ටොන් 1,11,272 ක්  අඹරා තිබෙනවා.

හිගුරාන සීනි සමාගම ආරම්භ කර වසර හැටකට වැඩි කාලයක් ගතවී ඇති අතර  කෙටි ඇඹරුම් වාරයක දී උක් ගස් වැඩි ම ප්‍රමාණයක් ඇඹරූ ප්‍රථම අවස්ථාව මෙය බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියටා ප්‍රකාශ කළා.

මීට පෙර හිගුරාන සීනි කර්මාන්තශාලාවේ කෙටි ඇඹරුම් වාරයක දී අඹරා ඇත්තේ උක් ටොන් 95,000 ක් පමණයි.

දැනට ගල්ඔය වැවිලි සමාගම යටතේ උක් ගොවීන් 10,000 ක් පමණ සම්බන්ධ වී ඇති බව ගල්ඔය වැවිලි සමාගමේ කෘෂිකර්ම දෙපාර්මේන්තු ප්‍රධානි තුෂාර සමන් කුමාර මහතා ප්‍රකාශ කළා.

ගොවීන්ට අවශ්‍ය මූලික පහසුකම් ගල්ඔය වැවිලි සමාගමෙන් ලබාදෙන අතර හිගුරාන ඉතිහාසයේ පළමු වරට උක් ගොවීන්ට බෝනස් ලබාදීමට කටයුතු කළ බව ද සදහන් කළා.

මෙවර කෙටි ඇඹරුම් වාරයේ දී සිනි මෙට්‍රික් ටොන් 6958 ක් නිෂ්පාදනය කළ බව  නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (කර්මාන්ත) සමන්ත කුමාර මහතා පැවසුවා..

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x