counter customizable free hit
31 C
Colombo
Saturday, July 27, 2024


සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්

මෙරට තුළ සිටින ව්‍යාජ වෛද්‍යවරුන් සහ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ව්‍යාජ වෛද්‍යවරුන් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමිනුයි  මෙම පියවර ගෙන තිබෙන්නේ.

වෛද්‍යවරුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සිදු කළ යුතු අතර පෞද්ගලික වෛද්‍ය ආයතන පළාත් මට්ටමින් ලියාපදිංචි කිරීම අනිවාර්යය කර තිබෙනවා.

කෙසේවෙතත් එලෙස ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන රැසක් දිවයින පුරා පවතින බවට පැමිණිලි ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

එවැනි වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන සොයා කඩිනමින් විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

එවැනි ආයතන සහ වෛද්‍යවරුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.

සුදුසුකම් සපුරා නොමැති ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව තොරතුරු  ලබාදීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ද ඉල්ලීමක් කරනවා..

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x