counter customizable free hit
31 C
Colombo
Saturday, July 27, 2024


සුජීව සේනසිංහගේ පෙත්සම සලකා බැලීමට අධිකරණය දින දෙයි

අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව සිදු කරනු ලබන විමර්ශනයක් අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය වරයෙකු වූ සුජීව සේනසිංහ මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ජුනි මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දින නියම කළා.

මෙම පෙත්සම ඊයේ ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විතය ත්‍රිපුද්ගල  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

 එහිදී  අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම  මූලික අයිතිවාසිකම් පෙත්සම අද දිනම සලකා බලා තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා සිටියා.

 පෙත්සම සලකා බැලීම කල් දැමීම තුළින් අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන මෙම විමර්ශනයද පමා විය හැකි බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නා.

එම අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 03 වනදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

චෙක්පත් සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ආරම්භ කර තිබෙන විමර්ශනයකින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x