counter customizable free hit
31 C
Colombo
Saturday, July 27, 2024


රට රැකියා දෙන බව පවසා මුදල් වංචා කරලා

ඊශ්‍රායල් රැකියා සඳහා යවන බව පවසමින් පුද්ගලයන් හතළිහකගෙන් පමණ රුපියල් කෝටි 11 ක පමණ මුදලක් ලබාගෙන වංචා කළ බව කියන සිද්ධියකට කටුනේරියේ නිවසකට කඩා වැදුණු විසිපස් දෙනකුගෙන් පමණයුත් පිරිසක්  මුදල් ඉල්ලා කලබල කළ බව මාරවිල පොලීසිය පවසනවා.

දැනට වසරකට පමණ පෙර සිට ඉඩම් උගස්කර හා විවිධාකාරයෙන් ණයට ගෙන රුපියල් ලක්ෂ 25,35, 45,55 ආදි වශයෙන් මෙම මුදල් ලබා දුන් පවසන ඔවුහු කොළඹ දූෂණ වංචා විමර්ශන මූලස්ථානයට ද පැමිණිලි කර තිබුණා.

මේ සිටි පිරිස ගාල්ල මාතර, කුරුණෑගල, අනුරාධපුර, ලුණුවිල, ආනමඩුව ආදී ලංකාවේ විවිධ පළාත් වලින් පැමිණ සිටි පුද්ගලයන්.

නිවසේ සිටි මුදල් ගත් බව කියන තරුණයා පැවසුවේ තමා මීට පෙර කීපදෙනකු රට රැකියාව යැවීමට කටයුතු කළ බවත් මෙවර මුදල් එකතු කර ඇත්තේ වෙනත් කාන්තාවක් බවත් යැවීමට නොහැකි වූ පිරිසකගේ මුදල් කොටසක් තමා මීට පෙර අවස්ථාවක ගෙවූ බවයි.

මුදල් ලබාගත් බව කියන ආනමඩුව,ආඩිගම ප්‍රදේශයේ සිට මෙහි පැමිණි කාන්තාව පවසා ඇත්තේ මුදල් නිවෙස් හිමියාට දුන් බවයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x