counter customizable free hit
31 C
Colombo
Monday, April 21, 2025


උපාධිධාරී ගුරුවරුන් 2320 දෙනෙකුට පත්වීම්

වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අරලියගහ මන්දිරයේ දී ඊයේ (03) පැවති බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමින්.

උපාධිධාරී ගුරුවරුන් 2320කට පත්වීම් ලබා දීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක් වුණා.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ චරිතවත් ගුණගරුක අනාගත පරපුරක් බිහි කිරීමේ වගකීම ගුරුවරයාට පැවරෙන බවයි.

ගෞරවණීය වෘත්තියක් වූ ගුරු වෘත්තියේ ගෞරවය කෙළසා ගැනීමට කිසිවිටෙකත් කටයුතු නොකළ යුතු බව පැවසු ජනාධිපතිවරයා ගුරුවරුන් නිරතුරුව විෂය දැනුමෙන් යාවත්කාලීන වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x