counter customizable free hit
31 C
Colombo
Tuesday, April 15, 2025


විභාගය නැතුව ලයිසන් ගන්න ක්‍රමය

පාසල් මාර්ග ආරක්ෂක සංසද මගින් සිසුන් වෙත රිය නිපුණ පදක්කම ලබාදීමෙන් පසුව එම පදක්කම ලැබෙන සෑම උසස්පෙළ හදාරන සිසුවකුටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ලිඛිත විභාගයට සහභාගී නොවී ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගීවී රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

පාසල් මාර්ග ආරක්ෂක සංසද පිහිටුවීම සහ පදක්කම් ලබාදීමේ වැඩසටහන අද සිට (03 වැනිදා) ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර මෙයට ප්‍රාථමික අංශයේ සිසුන්ගේ සිට උසස් පෙළ හදාරන සිසුන් දක්වා සහභාගිවීමේ අවස්ථාව හිමිවනවා.

මීට අමතරව මෙම සංසද මගින් ජනාධිපති පදක්කම දක්වා කටයුතු කරන සිසුන්ට විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබීමේදී විශ්වවිද්‍යාල වෙත තේරීපත්වන අනෙකුත් සිසුන්ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීමටද නියමිතයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x