counter customizable free hit
24 C
Colombo
Tuesday, April 22, 2025


මාලිමාවේ ප්‍රබල ක්‍රියාකාරිණියක් හොර රහසේ අවසන් ගමන් යවයි

ජාතික ජන බලවේගයේ තෙල්දෙණිය කාන්තා බල මණ්ඩලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක් ඝාතනය කර තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ අනියම් සැමියා.

ඔහු ද්විත්ව පුරවැසිභාවයක් හිමි 50 හැවිරිදි අයෙක්.ඝාතනයට ලක් වී ඇති කාන්තාව කුණ්ඩසාලේ පදිංචි තැනැත්තියක්.

පසුගිය 24 වැනිදා ඇය රාත්‍රී කාලයේ කුණ්ඩසාලේ නාර්න්ද්‍රසිංහ මාවතේ සිය අනියම් සැමියාගේ නිවසේ රැදී සිට ඇති අතර පසුව වැටී තුවාල වූ බව පවසමින් මොහු ඇයව මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එහිදි ඇය ජීවිතක්ෂයට පත් වී ඇති බවටයි පොලිසිය සඳහන්කර සිටියේ.

කෙසේ වෙතත් තුවාල සම්බන්ධයෙන් ඇතිවුණු සැකයක් මත රෝහලින් ඒ බව පොලීසිය දැනුවත් කර ඇති අතර ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොට ආයුධයකින් පහරදී ඇයව ඝාතනය කර ඇති බවයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x