counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


නිළි දමිතා අතුරුදන්

රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් වංචා කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අ­ඩං­ගු­වට ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මෙතෙක් නොහැකි වී ඇති බව වාර්තා වනවා.

මීට දින 6කට පමණ පෙර බොර­ලැ­ස්ග­මුව පැපි­ලි­යාන ප්‍රදේශයේ පිහිටි දමිතා අබේ­රත්න මහ­ත්මි­යගේ නිව­සට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිලධාරීන් ගියද ඔවුන් දෙදෙනා ඒ වන විටත් නිව­සින් පිටව ගොස් තිබුණා.

කොරි­යා­වට යවන බව පවසා රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් වංචා කර ඇති බවට ඔවුන්ට එරෙ­හිව චෝදනා ගොනුකර තිබෙනවා.

ඔවුන් ඉදි­රි­පත් කළ අපේ­ක්ෂිත ඇප අය­දුම පත මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රති­ක්ෂේප කිරී­මත් සම­ඟම දමිතා අබේ­රත්න යුවළ අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශයේ විශේෂ පොලි­ස්‌ ­ක­ණ්ඩා­ය­මක් බොර­ලැ­ස්ග­මුව පැපි­ලි­යාන නිව­සට ගොස් තිබුණා.

කෙසේවෙතත් ඔවුන් දෙදෙනා නිවසේ සිට නොමැති බව සඳහන්.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x