counter customizable free hit
29 C
Colombo
Sunday, September 8, 2024


ජනපති ආරක්ෂක නිලධාරීන් මුහුදට පැන සියදිවි නසාගන්න ගිය කතක් බේරා ගනී

මුහුදට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කළ කාන්තාවකගේ ජිවිතය බේරා ගැනීමට ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ නිලධාරීන් සමත්වුණා.

ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ නිලධාරීන් අද උදෑසන ගාලු මුවදොර පිටියේ ශාරීරික අභ්‍යාසවල නිරතව සිටි අවස්ථාවේ දී එහි කොඩි කණුව අසලින් එක්වරම කාන්තාවක් මුහුදට පැන තිබෙනවා.

එහිදි ක්ෂණිකව ක්‍රියාත්මක වු ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ඒ එච් පී එස් අධිකාරි ඇතුලු කණ්ඩායම එම කාන්තාව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්වු අතර ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.

මේ වන විට ඇයට ජිවිත අවධානමක් නොමැති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ. තම දිවි පරදුවට තබා මෙවැනි කාර්යක් සිදුකිරීම ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ නිර්භීත ක්‍රියාවක් ලෙස හැදින්විය හැකියි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x