ඊයේ (31) රාත්‍රී 11.55ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත වසර හතරකට පසු තායි එයාර්වේස් ගුවන් සමාගමට අයත් TG 307 දරණ ගුවන්යානය ලඟා වූණා.
මෙම ගුවන්යානය අද පෙ.ව.7.05ට නැවත තායිලන්තය බලා පියාසර කර ඇති අතර, සෑම දිනකම තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් මෙහෙයුම් සිදු කෙරෙන බවයි කටුනායක ගුවන් තොටුපල බලධාරීන් පවසන්නේ.තායිලන්තයේ සිට මෙරටට පියාසර කර ඇති එම යානයෙන් තායි ජාතිකයින් ඇතුළු විදේශීය සංචාරකයින් 150 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
මෙම ගුවන්යානය සහ සංචාරකයින් පිලිගැනීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයට පැමිණි සිටියා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1