counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


මාසික විශේෂ දීමනාව හිමිවන්නේ මෙහෙමයි

රජය විසින් මාර්තු මාසයේ සිට එළඹෙන දෙසැම්බර් මාසය දක්වා මාස 10ක කාලසීමාවක් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරීන් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයෙකුට රුපියල් 15,000ක දීමනාවක් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ හා ගණකාධිකාරී යන තනතුරු සඳහා රුපියල් 10,000ක දීමනාවක් මාසිකව ලබාදීමට නියමිතව ඇත.

මෙම දීමනා සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2024 වසරේ විමධ්‍යගත අයවැය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදනවල පරිපාලන වියදම් වලින් සලසා ගත යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දී ඇත.

විශේෂ මාසික දිරි දීමනාවට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
2
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x