counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


මළගෙදර  ගුටිකෙලියකින් – 6 කට තුවාල

මුලතිව් පුදුකුඩිඉරිප්පු ස්වාතිපුරම් ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයක් අතරතුරදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසනවා.

ස්වාතිපුරම් ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සව අවස්ථාවට යාපනයේ සිට පැමිණි මරණකරුගේ ඥාතීන් පිරිසක් හා ස්වාතිපුරම් ගම්මානයේ ඥාතීන් දෙපරිස අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පහරදීගැනීමක් දක්වා දුරදිග ගොස් ඇති බවට මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එහිදී පහරදී ගැනීමෙන් දෙපාර්සවයේම තුවාල ලැබූවන් 6 දෙනෙකු මුලතිව් මහරෝහලට ඇතුලත් කොට ඇති අතර ඉන් බරපතල තුවාල ලැබූවෙකු යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යවා තිබෙනවා.

මෙලෙස පහරදීගැනීමට හේතුව පුද්ගලික ආරවුලක් බවට සැක පලකරන බවටත් පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x