counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


නයිට් ක්ලබ් ගිය රාලහාමිලා දෙන්නා අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රසිද්ධ රාත්‍රි සමාජ ශාලාවකට පැමිණි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඉන් පිටත සැක සහිත ලෙස රැඳී සිටියදී කොල්ලුපිටිය පොලිසිය විසින් පෙරේදා (30 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා රාත්‍රි සමාජ ශාලවෙන් පිටත රැඳී සිටියදී කොල්ලුපිටිය පොලිසියේ යැයි පැවසූ සිවිල් ඇඳුමෙන් පැමිණි කණ්ඩායමක් මොවුන්ව පරීක්ෂා කර තිබේ. එහිදී කොස්තාපල්වරුන් දෙදෙනා තමන්ද පොලිසියෙන් යැයි පවසා පොලිස් හැඳුනුම්පත ද පෙන්වා තිබෙන අතර එම අවස්ථාවේ වූ බහින්බස් වීමක් නිසා රාජකාරියට බාධා කළැයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් සහ අපරාධ වාර්තා කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ රියැදුරකු ලෙසද කටයුතු කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

මෙම පොලිස් කොස්තාපල්වරුන් දේපළ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය පොලිසියේ ප්‍රජා පොලිස් අංශයේ නිලධාරීන් පිරිසකි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x