දේශීය බිත්තරයක මිල ඉදිරි කාලයේ දී රුපියල් 35කට වඩා අඩු වනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
දේශීය බිත්තර නිෂ්පාදනය මේ වන විට සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇතැයි බිත්තර නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය අනාවරණය කර ඇති අතර, සාමාන්‍යයෙන් මෙරට දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර ලක්ෂ 65ක් වන අතර දැනටමත් දේශීය කුකුළු ගොවිපොළවල බිත්තර නිෂ්පාදනය ලක්ෂ 75 ඉක්මවා ගොස් ඇතැයි පෙන්වා දෙයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ගනු ලැබූ දීර්ඝකාලීන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් මෙම සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වූ බැවින් ඉදිරියේ දී දේශීය බිත්තරයක මිල රුපියල් 35ට වඩා අඩු වනු ඇතැයි ඇමැතිවරයා කියයි.
මේ වන විට දේශීය වෙළඳපොළේ කුකුළු බිත්තරයක මිල රුපියල් 42- 48 දක්වා මිල ගණන යටතේ අලෙවි කෙරේ. සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී දේශීය කුකුළු බිත්තරයක මිල රුපියල් 100 දක්වා ඉහළ යනු ඇතැයි ඇතැම් පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායම් විවිධ ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණද විශේෂයෙන් අලුත් අවුරුදු සමයේ දී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙඳපොළට සැපයීමට පියවර ගන්නා බවත් අවම මිලකට කුකුළු මස් හා බිත්තර ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.